ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය සමග පැවති තරගය ලකුණු 24ට 17ක් ලෙස ජය ගැනිමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් වුණා.
කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලීය කණ්ඩායම ලකුණු 14ක් ලබා සිටියා. එම අර්ධයේදී මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලීය කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 10ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදි ආක්රමණශිලි තරග රටාවක නිරත වූ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලීය කණ්ඩායම ලකුණු 24ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුනා. ඊට උත්සහාක ගෝල දිනුම් 04ක් සහ ප්‍රවර්තන 02ක් ඇතුලත්. ඒ වන විට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලීය කණ්ඩායම ලබා සිටියේ 17 ක් පමණයි.