fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවී අත්අඩංගුවට ගන්න තවත් කණ්ඩායම් කිහිපයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2020 12:43

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ ද මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළා. ඒ අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කළේ. මෙම සැකකරුවන් අතුරින් බැඳුම්කර වංචාවේ අටවන සැකකරුවන මුත්තුරාජා සුරේන්ද්‍රන් ඊයේ දිනයේදී  අත්අඩංගුවට ගැනුණා. රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අසල රජමල්වත්ත මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත අද දිනයේ ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණියා. විනාඩි 20 කට වැඩි කාලයක් එම නිවසේ රැඳී සිටි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගියා. මේ වන තෙක් රවී කරුණානායක මහතා නිවසට පැමිණ නැති බවයි එම නිලධාරීන් ප්‍රකාශ කළේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුලු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා දිනයේ වරෙන්තු නිකුත් කළේ. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාල‍නඥයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2020 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්