fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2020 11:39

නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි

නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වැටලීමට කුලියාපිටිය පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්වුණා.

නාරම්මල පොලිස්වසමේ ගැටකහට ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගවඝාතකාගාරයකුයි මෙලෙස වැටලීමට ලක්වුණේ. මස් පිණිස මරා දමා තිබූ කිරි දෙනුන් දෙදෙනෙකුගේ සිරුරු සහ සැකකරුවන් පස් දෙනෙකු පොලිස් භාරයට ගැනීමට වැලීමේදී හැකිවුණා. ගවඝාතනය සදහා යොදා ගත් අත් පොරවක්,පිහි දෙකක්, තරාදියක් සහ තවත් උපකරණ කිහිපයක් නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ලබන බදාදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2020 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්