COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
Related Articles
ලොව පුරා වාර්තාවන COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.
වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 3500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. උතුරු ඉතාලියේ මිලියන 16 ක ජනතාවක් නිරෝධායනයට ලක්කළා. නගර 10ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ. COVID-19 වසංගතය දරුණු ලෙසම බලපා ඇත්තේ ඉතාලියටයි. එරට පුද්ගලයන් 230 දෙනෙකු මේ වන විට රෝගයෙන් මිය ගොස් තිබෙනවා.
පසුගිය පැය 24 ක කාලය තුළ COVID-19 මරණ 50 ක් ඉතාලියෙන් වාර්තාවු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඉරානය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 6000 ඉක්මවා තිබෙනවා. මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 145ක්. දකුණු කොරියාවේද පුද්ගලයන් 7134 දෙනෙකුට වෛරසය ආසාදනය වුණා. ඕස්ට්‍රේලියාවෙන් ද COVID-19 මරණ 3 ක් වාර්තා වී තිබෙනවා. එරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 74 ක්. බල්ගේරියාවෙන් COVID-19 ආසාදිතයින් දෙදෙනෙකු හමුවුණා. ලතින් ඇමෙරිකාව තුළ වෛරසයෙන් මියගිය පළමු රෝගියා වාර්තාවුයේ ආජන්ටිනාවෙන්. චීනය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම පහත වැටී තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. නිව්යෝර්ක් නගරයෙන් රෝගීන් 89 දෙනෙකු වාර්තා වුණා. චීනයෙන් පිටත වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිදහස දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැරගුවේ රාජ්‍ය යේ ද පළමුවරට රෝගියෙකු වාර්තාවුණා. නයිල් නෞකාවේ සිටි ඊජිප්තු ජාතිකයින් 33 දෙනෙකුට ද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා. මේ අතර ඉපදී දින පහකින් පසු COVID-19 වෛරසය ආසාදනය වූ ළදරුවෙකු දින 35 ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.