ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උලෙළේ දී අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.
14 වන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උලෙළ බත්තරමුල්ලේ දී පැවැත්වුණේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා අලෙවිකරන ආයතනය හා ලොව ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් ආයතනය එක්ව වාර්ෂිකව මෙම සම්මාන උලෙළ සංවිධාන කරනු ලබනවා. දිවයින පුරා සිදුකරනු ලබන සමීක්ෂණවලට අනුව ජනතාව අතර ප්‍රචලිත සන්නාම, පුද්ගල නාම හා මාධ්‍ය ආයතන ජනතා සම්මානයෙන් පිදුම් ලබනවා. මෙවර සම්මාන උලෙළේ දී ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. එකදිගට එකම සම්මානය දොළොස් වතාවක් හිමිකරගත් එකම රූපවාහිනී වැඩසටහන ලෙස අටපට්ටම වාර්තා අතරට එක්වනවා.
එම සම්මානය ලබාගත්තේ අටපට්ටම නිර්මාතෘ ස්වාධීන රූපවාහිනී විධායක අධ්යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතායි. ජනප්‍රිය රූපවාහිනී නිවේදක සම්මානයට ද ඒ මහතාගේ නම නිර්දේශ වී තිබුණා.
හසන්ත හෙට්ටිආරච්චි මහතා ඉදිරිපත් කරන දොරමඩලාව වැඩසටහන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනේ අවසන් වටයට නිර්දේශවීම ද විශේෂත්වයක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/atapattama.jpg”]