කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පවත්නා රටවල් සංඛ්‍යාව 97 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූවන් පැය තුනක් වැනි කෙටි කාලයක් තුළදී නිශ්චිතව හදුනාගත හැකි ඖෂධ ක්‍රමවේදයක් ඇමෙරිකාවෙන් සොයාගෙන තිබෙනවා.
කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් මේ වනවිට පුද්ගලයින් 3,497 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාධිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ දෙදහස් දෙසිය තිස්හතක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. වෛරසය ආසාදනය වූවන්ගෙන් 57,622 නෙකු සුවය ලබා තිබෙනවා. ආසාදිතයින් අතරින් මියගිය 3,070 දෙනෙකුම චීන ජාතිකයින් වනවා. එමෙන්ම වෛරසය ආසාදනය වූ චීන ජාතිකයින් සංඛ්‍යාව 80,651 දෙනෙකු බවයි සදහන් වන්නේ.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ වසරේ පළමු මාස දෙක තුළ චීනයේ විදේශ වෙළෙදාම පහත වැටී තිබෙනවා. චීනයට අමතරව වෛරසයෙන් වැඩිම පීඩා සිදුව ඇත්තේ ඉතාලියටයි. එරට ආසාදිතයින්ගෙන් 197 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ආසාදනය වූ 4,636 දෙනෙකු ඉතාලියෙන් සොයා ගැණුනා.
පැය 24 ක් තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 49 ක් පිළිබද වාර්තා වනවා. එරට පාසල් දින 10 ක් වසාදමා තිබෙනවා. දකුණු කොරියාවේ ද වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහිදී පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ආසාදිතයින්ගේ ගණන 6,767 ක්.
ඉරානයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 4,747 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇමෙරිකාවෙන් තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද වාර්තා වනවා. මේ අනුව වෛරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනෙකු ඇමෙරිකාවේ දී මියගොස් තිබෙනවා. එරට සැන් ෆැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති සුපිරි මගී නෞකාවක සිටි 21 දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැණුනා.
මෙම නෞකාවේ මගීන් 3400 දෙනෙකු ගමන් කර තිබෙනවා. ඉන්දියාව ද නිරෝධායන කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා. වෛරසය ආසාදනය වූවන් 31 දෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. වතිකානය, සර්බියාව, ස්ලෝවැකියාව, පේරු රාජ්‍යය හා ටෝගෝ රාජ්‍යය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමුවූ නවතම රාජ්‍යයන් ලෙස වාර්තා අතරය එක්වුණා. ආර්ජන්ටිනාවෙන් ද ආසාදිතයින් 8 දෙනෙකු සොයා ගැණුනා.
තම රටේ සේවයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට වෛරසය ආසාදනය වී නැති බවට වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව කුවේට් රාජ්‍ය දැනුම්දී තිබෙනවා. මෙම දැනුම්දීම රටවල් 10 කට සිදුකර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජෙඩා දක්වා පියාසර කිරීම ලබන 10 වනදා සිට මාසයක කාලයක් නතරකර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/corona-3.jpg”]