fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කමාන්ඩෝ පාගමනට ජනතා හරසර (Photos)

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 11:37

ජාතියේ සුරක්ෂිතතාව වෙනුවෙන් අපරිමිත මෙහෙයක් ඉටු කරන යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් සංවිධාන කළ පාගමනේ තුන්වන දිනය අදයි.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දැවැන්ත කැප කිරීමක් කළ කමාන්ඩෝ බලකාය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ද ඉටු කළේ අමිල මෙහෙවරක්. එම රෙජිමේන්තුවේ 40 වසරක සැමරුම වෙනුවෙන් සංවිධාන කළ පාගමන පෙරේරා ආරම්භ වුණේ හලාවත,  මහනුවර හා ගාල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්. පාගමනට එක්ව සිටින රණවිරුවන්ට මග දෙපස රැදී සිටින ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

කමාන්ඩෝ සෙබලුන්ගේ පාගමන් අද (07) දිනයේද අදාළ ස්ථාන වලින් සාර්ථකව ආරම්භ කෙරුණා. මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන මෙම සෙබලුන් අද දිනයේ ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූළස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

හෙට (08) දිනයේ එකම පාගමනක් ලෙස ඔවුන් ගාලු මුවදොර පිටියට ළගාවීමටයි සැළසුම්කර ඇත්තේ. අනතුරුව විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීම සදහා කටයුතු යොදා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්