fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරියාවේ වෙසෙන ශ්‍රී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් පැය 24 පුරා දැඩි අවධානයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 11:15

කොරියාවේ වෙසෙන ශ්‍රී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් පැය 24 පුරා කි‍්‍රයාත්මක දුරකථන අංක තුනක් හදුන්වාදී තිබෙනවා.

කොරෝනා වෛරසය සීඝ‍්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව කේන්ද්‍ර කරගනිමින් වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි. ඒ අනුව එරට ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලය තත්වය පිළිබදව වැඩි අවධානයකින් පසුවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී‍්‍ර ලාංකිකයන් පිළිබදව කිසියම් ගැටලුවක් මතුවේ නම් 0082 27 35 29 66 දුරකථන අංකය සහ 0082 27 35 29 67 අංකය මෙන්ම 0082 27 94 29 68 දුරකථන අංක වෙන්කර ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේ.

යොමු කරන ගැටලු වලට ක්ෂණික පියවර ගැනීමට තානාපති කාර්යාලය සූදානමින් සිටිනවා. දැනට දකුණු කොරියාවේ වෙසෙන කිසිදු ශ්‍රී‍්‍ර ලාංකිකයෙකුට වෛරසය  ආසාදනයවූ බවට තොරතුරු ලැබී නැහැ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්