fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෙඩා සහ චීනයේ නගර කිහිපයකට ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:03

ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය චීනය සහ සවුදි අරාබිය වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වයිරසය සීඝ‍්‍රයෙන් පැතිර යාමත් සමඟ. චීනයේ බීජිං, ෂැන්හයි සහ ගුවැන්ෂෝ වෙත සිදුකරන ගුවන් ගමන් මේ මස 10 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය පවසන්නේ.

සවුදි අරාබියේ ජෙඩා වෙත යන ගුවන් සේවා ද මාර්තු 15 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. රියාද් සහ දමාම් වෙත ගුවන් සේවා තවදුරටත් කි‍්‍රයාත්මකයි.

පවතින තත්වයේ යම් වෙනසක් ඇති වුවහොත් නැවත අප්‍රේල් 30 වනදාට පෙර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්