රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන බදාදා අන්තර්ජාලයට
Related Articles
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින්නේ. පත්වීම ලැබී දින තුනක් ඇතුලත තමන් අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට වාර්තා කළයුතු යැයි පත්වීම් ලිපියේ සඳහන් වනවා. එහෙත් දැනට පත්විම් ලිපි නොලැබුණු පිරිස් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගත යුතු නැති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.
ලිපිය ලැබී දින 7 ක් ඇතුලත පුහුණුවට වාර්තා නොකළ හොත් ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ යනුවෙන් සඳහන් වුවද එය බලාත්මක නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමාවී දින 5 කට පසු එළඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ආරම්භ කෙරෙනවා.
අයදුම්පත් සමඟ එවා ඇති උපාධි සහ ඩිප්ලෝමා සහතික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමුකර තහවුරු කරගැනීමට කටයුතු කළා. ඊට විශාල කාලයක් ගතවු අතර ඉතා සාධාරණ ක්‍රමවේදයකට උපාධිධාරී්න තෝරාගෙන තිබෙනවා.
සුදුසුකම් ලැබූ උපාධිධාරින්ගේ සංඛ්‍යාව හතළිස් පනස්දහස් පන්සිය අසූ පහක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.