2020 මහ මැතිවරණය සදහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අද ආරම්භ වනවා. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම මේ මස 16 වනදා දක්වා සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.
තැපැල් ඡන්ද අයැදුම්පත් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් ද ලබාගත හැකියි. මෙවර මැතිවරණය සදහා රාජ්ය නිලධාරීන් ඇතුළු ලක්ෂ දෙකක පමණ කාර්ය මණ්ඩලයක් යෙදවීමට අපේක්ෂා කෙරෙනවා.
මැතිවරණය සදහා පසුගිය 4 වනදා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළ අතර මේ වනවිට ස්වාධීන කණ්ඩායම් පහක් ඇප තැන්පත්කර තිබෙනවා. ඇප තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය ලබන 16 වනදා දහවල් 12 න් අවසන් වනවා.
මහ මැතිවරණය සම්බන්ධයෙන් සියලුම දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර සාධාරණ හා සාමකාමී මැතිවරණ ඡන්ද විමසීමක් පැවැත්වීම වෙනුවෙන් සියලු පියවර ගෙන ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.