fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු ලූනු ගොවීන්ගේ ආදායම ඉහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2020 17:33

ලොකු ලූනු සඳහා වන අවම සහතික මිල ඉහළ නැංවීමට රජය පියවර ගැනීම හේතුවෙන් ගොවීන්ගේ ආදායම ද ඉහළ ගොස් තිබෙනවා.

ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 60 ක්ව පැවති රජයේ අවම සහතික මිල රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීමට රජය ක්‍රියා කළා. ලොකු ලූනු ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබාදුන්නා. ලොකු ලූනු මිල පහත වැටීමෙන් පසුගිය කාලයේ ගොවීන් මහත් අපහසුතාවකට ලක්වුණා. ඇතැම් ගොවීන් ලොකු ලූනු වගාවෙන් ද ඉවත්ව සිටියා. වගා කටයුතු වලින් ගොවීන් ඈත්වීම හේතුවෙන් ලොකු ලූනු ආනයනයට පියවර ගැනුනු අතර ඒ හේතුවෙන් විශාල මුදලක් විදේශයන්ට ඇදී ගියා. එමෙන්ම ලොකු ලූනු කිලොග්‍රෑම් එකක් අලෙවිකළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 190 ක් ලෙස නියම කෙරුණා. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහායි රජය මෙම පියවර ගෙන ඇත්තේ. මේ අනුව ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂාකර ගනිමින් රජය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ හේතුවෙන් සෑම අංශයකටම සහන සැලසී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2020 17:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්