පරිසරය සුරැකෙන අයුරින් කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරත විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රජයේ හා පෞද්ගලික ඉඩම්වල කළුගල් කැණීමේ කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුගල් කැණීම් කර්මාන්තයට බලපත්‍ර ලබා දීම, බදු දීම සහ බදු අයකර ගැනීම්වලදී රේඛීය ක්‍රමවේදයක් සඳහා කමිටුවක් පත් කිරීම ද මෙහිදී සිදුවුණා. අදාළ කමිටුවේ නිර්දේශ සති 2 ක් ඇතුළත භාර දෙන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. බලපත්‍ර ලබා ගැනීමේදී හා බදු මුදල් ගෙවීමේදී රාජ්‍ය ආයතන රැසකට යා යුතු බැවින් විධිමත් බදු දීමේ හා අයකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව කළුගල් කර්මාන්තයේ නිරත වන්නන් පෙන්වා දුන්නා. එම කරුණු සැළකිල්ලට ගනිමිනුයි ඉහත කමිටුව පත් කිරීමට පියවර ගැනුණේ. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පරිසරය සුරැකෙන අයුරින් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත විය යුතු බවයි. අක්‍රමවත් ආකාරයට එම කර්මාන්තයේ නිරත වීමෙන් ජල පෝෂිත ප්‍රදේශ විනාශ විම් හා නායයාම්වලින් පාරිසරික වෙනස්කම් රැසකට බලපෑම් ඇති වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. කළුගල් කර්මාන්තය මත පැනවෙන බදු මුදල් සමාලෝචනයට ලක් කළ යුතු බවත් කළුගල් මිල ඉහළ යාම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා සෘජුව බලපාන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/ප්යසබා්.png”]