ගෘහස්ත පානීය ජල සබඳතා එක්ලක්ෂ පනස්දහසක් අලුතින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
මෙරට ජනගහනයෙන් 41 %ක් ආවරණය කරමින් ජල සබඳතා මේ වන විට ලබා දෙනවා. වසරකට ගෘහස්ත පානීය ජල සබඳතා එක්ලක්ෂ දස දහසක් පමණ ලබා දිම සිදුවනවා. රුපියල් විසිදහසක ගෙවීමක් තුළින් ගෘහස්ත පානීය ජල සබඳතා ලබාදීම සිදුවනවා. මේ අනුව මෙම වසරේ මුල්කාර්තු දෙක තුලදී අලුතින් ගෘහස්ත ජල සබඳතා එක්ලක්ෂ පනස්දහසක් ලබා දීමට නියමිතයි.