fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගයේ ගිනි ගත් බස් රථය සමඟ ගෙනා සෙසු බස් රථ දැඩි පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2020 11:39

අධිවේගී මාර්ගයේදී පසුගියදා හදිසි ගිනිගැනීමට ලක් වූයේ ලංගමයේ අලුත්ම සුඛෝපභෝගී බස් රථයක් බැවින් සෙසු බස් රථ පරික්ෂාවට ලක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙසේ සහමුලින්ම විනාශ වූයේ අලුත් අධි සුඛෝපභෝගී බස් රථයකි. එවැනි  බස් රථ 16 ක් දක්ෂිණ අධිවේගියෙහි ධාවනය සදහා පසුගියදා යොදවනු ලැබුවා.ඉන් එක් බස් රථයකුයි මෙසේ විනාශ වුණේ.

මෙම අනතුරෙන් ජීවිත හානි වලක්වාගැනීමට ක්‍රියාකළ රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් වෙත අමාත්‍යවරයා කෘතඥතාව පල කළා. කෙසේ වෙතත් ඉතිරි බස් රථ 15 දැඩි පරික්ෂාවට ලක් කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2020 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්