fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලේඛනයක් යාචකයෙකු අතේ

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 18:32

පාස්කු දිනයේදී එල්ලවන ප්‍රහාරයක් පිළිබදව කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ විසින් තමාව දැනුවත් නොකළ බව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රධාන පූජක ජූඩ්රාජ් පියතුමා පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ කියාසිටියා.

එමෙන්ම පාස්කු දිනයට පෙර රාත්‍රියේදීත් කොච්චිකඩේ දේවස්ථාවයට කිසිදු ආරක්ෂාවක් ලබා නොදුන් බවයි පියතුමා වැඩිදුරටත් සදහන් කළේ.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ජූඩ්රාජ් පියතුමායි. සාක්කෂි විමසීම ආරම්භ කරමින් රජයේ අධි නීතීඥවරයා ජූඩ්රාජ් පියතුමාගෙන් විමසා සිටියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සම්බන්ධව තමන් කොපමණ කාලයක් කටයුතු කරනවාද යන්නයි. වසර පහක පමණ කාලයක් තමන් මෙම දේවස්ථානයේ කටයුතු කරන බව පියතුමා සදහන් කළා.

පාස්කු දිනයේ ප්‍රහාරය එල්ලකරන මොහොතේ සාක්ෂිකරු සිටියේ කොහේදැයි කොමිසම විමසාසිටි අතර ඊට පිළිතුරු ලබාදෙමින් පියතුමන් සදහන් කළේ තමන් බෝම්බය පුපුරා යන අවස්ථාවේ කාර්යාලය සිටි බවයි. ‍කෙසේ වෙතත් පිපිරීමෙන් පසු තමන් එම ස්ථානයට වහා ගිය බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසු දේවස්ථානය අවට රථවාහන ගාල්කර තිබුණේ දැයි මෙහිදී සාක්ෂිකරුගෙන් කොමිසම විමසා සිටියා.

ප්‍රහාරය එල්ලවූ දිනයේ රාත්‍රියේ තමන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් හමුවට ගිය බවත් ඉන් අනතුරුව තමන් යළි දේවස්ථානයට පැමිණෙනවිට ඒ අවට ගාල්කර තිබූ රථවාහන තමන් දුටු බවත් ජූඩ්රාජ් පියතුමා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අනතුරුව ඒ අවට පොලිස් නිලධාරියෙකු අමතා මෙම වාහන ඉවත් කරන මෙන් තමන් ඉල්ලා සිටි අවස්ථාවේ දී පියතුමා බියවන්නට එපා අපි මේ සියල්ල පරීක්ෂාකර අවසන්යැයි අදාළ පොලිස් නිලධාරියා පැවසූ බවද ජූඩ්රාජ් පියතුමා කොමිසමට කියාසිටියා. නමුත් ඊට පසුදිනයේදී එම ස්ථානයේ ගාල්කර තිබූ මෝටර් රථයක තිබී බෝම්බයක් පුපුරවාහැරි බවද පියතුමා කොමිසම හමුවේ සදහන් කළා. එම වාහනය පිළිබදව තමන් දැනුවත් වූයේ කෙසේදැයි කොමිසම ප්‍රශ්නකර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් පියතුමා සදහන් කළේ දේවස්ථානයට සම්බන්ධ දරුවෙකුගේ නිවස එම වාහනය ඉදිරියේ පිහිටා තිබූ බවත් එම නිවසේ තිබූ සීසීටීවී කැමරාව ඔස්සේ බෝම්බකරු ලෙස සැළකෙන පුද්ගලයෙකු වාහනයෙන් බැස දේවස්ථානය දෙසට ගමන් කරන අයුරු අනාවරණය කරගත් බවයි.    අනතුරුව කොමිෂන් සභාව කියාසිටියේ ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයට සම්බන්ධ යම් දෙයක් දේවස්ථානය අවටින් හමුවුණේද යන්නයි. ප්‍රහාරයෙන් පසු තමන් හමුවට පැමිණි ආරක්ෂක අංශ නිලධාරියෙකු ඒ අවට තිබී හමුවූ බැංකු පොතක් තමන්ට පෙන්වූ බවත් එහි දේවස්ථානයේ ඉදිරිපස යැයි සැලකිය හැකි චිත්‍රයක් ඇද තිබූ බවත් ඉන් කොටසක් පෑනෙන් කුරුටුගා තිබූ බවත් පියතුමා කොමිසමට හෙළිකළා.

පසුව අනාවරණය වූයේ එය පෞද්ගලික බැංකුවකින් නිකුත් කරන ලද මොහොමඩ් සහරාන් නමැති පුද්ගලයෙකුට අයත් බැංකු පොතක් බවයි. එහි ගිණුම් අංකය ලෙස 0192290001 ලෙස සටහන්වී තිබුණා. එමෙන්ම පෙර සදහන් කළ බෝම්බය සහිත වාහනයට පිටුපසින් බසයක් නවතා තිබූ බවත් එම බසය ඉවත් කිරීමේ දී ඒ අසල සිටි යාචකයෙකු අත තිබී යම් ලේඛනයක් සොයාගත් බවත් පියතුමා කොමිසම හමුවේ හෙළිකළා.

අදාළ ලේඛනයේ (ඉන් සොලිඩරිටි විත් ලව් ටෙරරිසම් හෑස් නෝ රීජන්) ෆ්‍රොම් පාකිස්ථාන් යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන්වී තිබූ බවත් එම ලේඛනය අදාළ යාචකයා නාවික හමුදාවෙන් සැගවීමට උත්සාහ කළ බවත් පියතුමා කොමිසමට සදහන් කළා. එම යාචයාට පසුව කුමක් වූයේදැයි තමන් නොදන්නා බව ජූඩ් රාජ් පියතුමා වැඩිදුරටත් කොමිසම හමුවේ සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්