සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට (04) පල්ලේකැලේ ක්රිඩාංගනයේදී ආරම්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) දිනයේදී සිය අවසන් පුහුණුවිම්වල නිරත වුණා. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක ධනංජය ද සිල්වාට සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ ඔවුන් දෙදෙනා ආබාධයන්ට ලක්වීම හේතුවෙන්. වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සති හයක කාලයක් විවේක ගැනිමට වෛද්‍ය උපදෙස් ලැබි තිබෙනවා. ඔහු වෙනුවට විස්සයි විස්ස සංචිතය සදහා අසිත ප්‍රනාන්දු කැදවා ඇති බව සදහන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/0zwQoXaHL2Y”]