තලවිල ශාන්තආනා දේවස්ථානයේ පැවැත්වෙන මාර්තු මංගල්‍ය වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය හතරක් ධාවනයට යොදවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග එක්ව ඒකාබද්ධ සේවාවක් ද ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.