උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දෙවන අදියර මැයි මාසයේදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
පළමු අදියරේ උපාධිධාරීන් බඳවා ගැනීම් සඳහා වන ලිපි තැපැල් කර අවසන් වුණා. සුදුසුකම් ලැබූ පිරිස හතළිස් පන්දහස් පන්සිය අසූ පහක්. දුෂ්කර පාසල් සඳහා මෙවර බඳවා ගන්නා උපාධිධාරීන් අනුයුක්ත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එම පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් යෙදීමත් එහි අරමුණක්.
පත්වීම්ලාභීන් පදිංචි ස්ථානයට ආසන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුහුණුව සඳහා අනුයුක්ත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වසරක පුහුණු කාලය තුළ ලබාදෙන දීමනාව රුපියල් විසි දහසක්.
පුහුණු කාලයෙන් පසුව විශ්‍රාම වැටුප් සහිත රජයේ ස්ථිර සේවයේ ඔවුන් පිහිටුවීමටයි නියමිත.