උපන්බිමට යුතුකම් ඉටු කිරීමට දිවයිනට පැමිණි මහාචාර්යවරිය
Related Articles
අලව්ව ප්‍රදේශයේ උපත ලැබූ මාලා මංගලිකා මහත්මිය ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් මේ වන විට ජපානයේ විශ්විද්‍යාලයක මහාචාර්යවරියක ලෙස කටයුතු කරනවා.
ගම අමතක නොකළ මෙම මහාචාර්යවරිය තම උපන්බිමට යුතුකම් ඉටු කිරීමට පියවර ගත්තා.
මාලා මංගලී මහත්මිය කෑගල්ල බෙලිගල බෝධිරාජ කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ අලව්ව මහවිද්යාලයෙන් සිප්සතර හදාරා තිබෙනවා. පසුගියදා දිවයිනට පැමිණි ඇය මූලික අධ්‍යාපනය ලැබූ බෙලිගල බෝධිරාජ කණ්ෂ්ඨ විද්‍යාලය වෙත සුහුරු පන්ති කාමරයක් ලබාදීමට පියවර ගත්තා. එම විද්‍යාලයේ ඇය අධ්‍යාපනය ලැබූ කාලයේ සිටි විදුහල්පති කේ.එස්.ඩී රත්නායක මහතා ඇතුළු විශ්‍රාමික ගුරු මණ්ඩලයටද උපහාර පිරිනැමීමට මෙහිදී සිදු කෙරුණා. විද්‍යාලයේ විශිෂ්ඨයින් 15 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්වද පිරිනැමුණා. මහාචාර්ය මාලා මංගලිකා මහත්මිය පිලිකා සම්බන්ධව පර්යේශණ රැසක් සිදු කරනවා. 2012 නොබෙල් ත්‍යාගය දිනාගත් පිලිකා පර්යේශන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා.