fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකුරේගොඩ යුද හමුදා මූලස්ථාන මාර්ගය තුරු මිතුරු නව රටාවෙන් විසිතුරු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 11:23

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ සිට අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය දක්වා වූ මාර්ගයේ තුරු මිතුරු නව රටා තුන්වන අදියර ක්‍රියාත්මක කෙරුණා.

ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ ඇවිදින මංතීරුව, ව්‍යායාම උපකරණ සහිත එළිමහන් අංගන 4ක් සහ  ප්‍රතිසංස්කරණය කළ වැවේ වතුර මල් විවෘත කිරීම සිදු කෙරුණා. වැවට මිරිදිය මත්ස්‍යයින් විසිදහසක් මුදා හැරීම සහ වැව් ඉවුරේ පොල්පැල සියයක් සිටුවීමේ කටයුතු සිදු කෙරුනේද යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන්. එම භූමියේ ස්ථානගත කර ඇති කාලතුවක්කු අවි දෙක ප්‍රදර්ශනය සඳහා  නිරාවරණය කෙරුණා. යුද හමුදා මූලස්ථාන නාම පුවරුව සහ එම මූලස්ථානයට පිවිසෙන ස්ථානයේ ස්ථානගත කර ඇති සන්නද්ධ රථ දෙක ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කිරීම ද සිදු කෙරුණේ මීට සමගාමීවයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්