ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.
වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සති හයක කාලයක් විවේක ගැනිමට වෛද්‍ය උපදෙස් ලැබි තිබෙනවා. ඒ කොදෙව්වන් සමග පැවති තුන්වන තරගයේදී පන්දු යවමින් සිටින අතරතුරදී ඔහු පාදයේ ආබාධයකට ගොදුරුවීම හේතුවෙන්. ඔහු වෙනුවට විස්සයි විස්ස සංචිතය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා. ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් ඔහුට එළඹෙන 19වනදා එංගලන්තය සමග ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරිමේ අවස්ථාව පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතාෙප්රකාශ කළා. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට පල්ලේකැලේ ක්රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/dananjaya.jpg”]