fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව තුනට බින්දුවක් ලෙස ජය ගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2020 13:26

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කිරිමත් සමගයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 55යි. ධනංජය ද සිල්වා ලකුණු 51ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී අල්සාරි ජෝසප් කඩුලු 04ක් බිඳ හෙලුවා. කිසිදු පිතිකරුවෙකු ලකුණු 55 සීමාව පසු නොකර කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේදී වාර්තා කළ තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය බව සඳහන්. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 301ක් පමණයි. ෂායි හෝප් ලකුනු 72ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ඇන්ජෙලෝ මැතිව්ස් ලකුනු 59කට කඩුලු 04ක් බිද හෙලුවා. කොදෙව් කණ්ඩායමක් අවසන් වරට මෙරටටදී ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගයක් ජය ගෙක ඇත්තේ 2005 වසරේදී වීම විශේෂත්වයක්. ඒ අනුව වසර 15කින් ඔවුන්ට මෙරටට  දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගැනිමට හැකි වී නැහැ. අවසන් තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනා ගත්තා. තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිදු හසරංගයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2020 13:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්