දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමට පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
සුළු අපනයන බෝග රැසක ආනයනය තහනම් කරමින් දේශීය ගොවියා රැකගැනීමට තවත් පියවර රැසක් ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/tloAsrHxIHk”]
බොරලන්ද ගම්මැද්ද කෘෂි මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 10 ක් පමණ වනවා. මෙමගින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නිරත පවුල් 500 කට සෙත සැළසෙනවා.වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාද මෙම අවස්ථාවට එක්වුණා.