තලෙයිබාන් සිරකරුවන් පන්දහසක් නිදහස් කිරීමේ කොන්දේසියට තමන් එකඟ නොවන බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කාබුල් නුවර පැවති මාධ්‍ය හමුවකදීයි.
දින 10ක් ඇතුළත තලෙයිබාන් සිරකරුවන් පන්දහසක් සහ රැඳවුම්කරුවන් දහසක් නිදහස් කිරිමට තලෙයිබාන් සංවිධානය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. සිරකරුවන් නිදහස් කිරිමේ බලය ඇෆ්ගනිස්ථාන රජය සතු වන බවත් එයට වෙනත් රටක මැදිහත්විමක් සිදු නොවිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළා. මාස 18ක පමණ කාලයක් ඇමෙරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම කොන්දේසිය පනවා ඇත්තේ.