එළඹෙන මහ මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයකගේ එකඟතාව පළවී ඇති බව වාර්තා වනවා.
නමුත් ඊට සජිත් පාර්ශ්වය එකඟත්වය පළකර නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකමුතුවෙන් ගොඩනැගුණු සමගි ජන බලවේගය සමුළුව අද නෙළුම් පොකුණේදී පැවැත්වීමට නියමිතයි.