fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවත් තලෙයිබාන් කැරළිකරුවනුත් අතර ඓතිහාසික සාම ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 19:17

ඇමෙරිකාවත් තලෙයිබාන් කැරළිකරුවනුත් අතර ඓතිහාසික සාම ගිවිසුමක්

ඇමෙරිකා එක්සත් ජනපදය හා තලෙයිබාන් කැරළිකරුවන් අතර ඓතිහාසික සාම ගිවිසුමක් අද අත්සන් කිරීමට නියමිතයි. ඒ කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදීයි.

ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් සම්බන්ධ වී සිටි දීර්ඝතම යුද්ධය අවසන් කිරීමේ අරමුණිනුයි මෙම සාම ගිවිසුම අත්සන් කෙරෙන්නේ. වසර 2 ක පමණ කාලයක් පැවති සාකච්ඡාවලින් පසු ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශ්වය එකඟ වුණා. ඇෆ්ගනිස්ථානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව,පාකිස්තානය මෙන්ම තවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවලින් නියෝජිතයන් ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට එක්ව සිටිනවා. එම උත්සවය පැවැත්වෙන්නේ දෝහා හි ෂෙරටන් නම් සුඛෝපභෝගි හෝටලයකයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තලෙයිබාන් සංවිධානය මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එහි චූදිතයන් සොයා මීට වසර 19 කට ඉහතදී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. එහෙත් මේ වන තෙක් තලෙයිබාන් සටන්කාමීන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවලට හැකි වූයේ නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්