fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්‍යාගමීකකරණයට එරෙහිව පෙළ ගැසෙන්න – අගමැති මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:57

අන්‍යාගමීකකරණයට එරෙහිව පෙළ ගැසෙන්න – අගමැති මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් ඉල්ලයි

අන්‍යාගමිකකරණයට එරෙහිව භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව පෙළ ගැසිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ගාල්ල යටගල රජමහා විහාරස්ථානයේ පැවති ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය ඇතුලු අෂ්ට මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන්වහන්සේ වෙත මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබෙනවා. ඊට අදාළ  ශ්‍රී සන්නස් පත්‍ර පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ගාල්ල යටගල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණා. ඒ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හේමරතන ස්වාමීන් වහන්සේවෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදුකෙරුනේ ජනාධිපතිතුමන් අතින්. අග්‍රාමාත්‍යවරයා විජිනිපත පිළිගැන්වීම සිදුකළා.  පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවති මෙම උත්සවයේදී පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ වෙත ප්‍රසාද පූජා කිරීම ද සිදුවුනා. උන්වහන්සේ විසින් ජනාධිපතිතුමන්ට හා අග්‍රාමාත්‍යවරයාට විශේෂ තිළිණ ප්‍රදානය කළා. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේගේ ඓතිහාසික සිතුල්පව්ව කෘතියේ අයිතිය පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ වෙත පැවරීම ද මෙහිදී සිදු කෙරුණා.  අති පූජ්‍ය අචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින් ද සැදැහැවතුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්