රයිගම් සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදී ලබන 21 වනදා පැවැත්වෙනවා. ඒ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්.
රයිගම් සම්මාන උළෙලේ නිර්දේශිත නාම දැනුම් දීමේ රාත්‍රිය කිංස්බරි හෝටලයේදී ඊයේ (28) පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී සේවය අංශ ගණනාවකින් සම්මාන සදහා නිර්දේශ වී සිටිනවා. වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක සම්මානය සදහා ස්වාධීන රූපවාහිනියේ ශ්‍රීහාන් කණිෂ්ක ආරියසිංහ සහ සහන් තරුක උඩුවවිදාන නිර්දේශ වුණා. වසරේ විශිෂ්ඨතම රූපවාහිනී පුවත් විශේෂාංගය සදහා ආර් ඒ දුෂාන්ත දර්ශන නිශ්පාදනය කළ හිතකාමී මී මැස්සෝ විශේෂාංගය නිර්දේශ වී තිබෙනවා. විශිෂ්ඨතම රූපවාහිනී ළමා වැඩසටහන සදහා ස්වාධීන රූපවාහිනියේ මෙලාන් සුගතදාස ද විශිෂ්ඨතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සදහා ලක්ෂ්මන් මත්තුමගල සහ ඩෙනීෂා හර්ෂණී විතාරණ ද නිර්දේශ වුණා.
ජනජීව වේහැල්ල නිශ්පාදනය කළ අකෝස්ටිකා අන්ලිමිටඩ් වැඩසටහන නිර්දේශ වූයේ වසරේ විශිෂ්ඨතම රූපවාහිනී සංගීත වැඩසටහනටයි. විශිෂ්ඨතම රූපවාහිනී හඩකැවීම් වැඩසටහන සදහා ප්‍රාන් වාකිෂ්ඨ නිර්දේශ වුණා. වසරේ විශිෂ්ඨතම රූපවාහිනී රියැලිටි වැඩසටහන සදහා ස්වාධීන රූපවාහිනියේ උදයකුමාර තෙන්නකොන්, චන්දික විජයසේන, මංජුල ඇතුගල සහ ලක්ෂ්මන් වෙත්තමුණි නිර්දේශ වී තිබෙනවා. විශිෂ්ඨතම දෙමළ මාධ්‍ය රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව සදහා වන සම්මානයට වසන්තම් ටීවී හි චන්ද්‍රිකා අරුමුගම් නිර්දේශ වූ අතර දෙමළ මාධ්‍ය හොදම සම්ප්‍රවේෂක සම්මානය සදහා එම් එස් ඉර්ෆාන් මොහොමඩ් නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ඨතම ඉංග්‍රීසි මාධ්‍ය සම්ප්‍රවේෂක ලෙස සම්මානය සදහා සසංක ඩයස් නිර්දේශ වී තිබෙනවා. විශිෂ්ඨතම ටෙලි නාට්‍ය සංස්කරණය සදහා ලක්රුවන් ද සේරම් සහ ගීත රචනය සදහා මංජුල වෙඩිවර්ධන හා රසික සූරියආරච්චි නිර්දේශ වුණා. නැගී එන ටෙලි නාට්‍ය නිලිය ලෙස ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ රාජ යෝගය ටෙලි නාට්‍යයේ රග දැක්වූ විදූෂි උත්තරා ද නිර්දේශ වී තිබෙනවා.