fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ ලක්ෂ 44 ක මුදල් කොල්ලයේ සැකකරැවන් 11 වනදා තෙක් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 17:15

ගම්පහ ලක්ෂ 44 ක මුදල් කොල්ලයේ සැකකරැවන් 11 වනදා තෙක් රිමාන්ඩ්

ගම්පහ ප්‍රදේශයේදී පසුගිය 7 වනදා සිදු වූ රුපියල් ලක්‍ෂ 44 ක කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ දෙදෙනා ඇතුලු සැකකරුවන් 6 දෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදු වූ මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරික්‍ෂණ ආරම්භ කළා. ඒ අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ පුද්ගලයන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනා නීතියේ රැහැනට හසුකරගත්තේ. ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් ලබන මස 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්