දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 50න් ඉහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.
තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදි මාර්තු 11වනදා සිට මාර්තු 24දක්වා පැවැත්විමට නියමිතයි. කණ්ඩ හතරක් තරගාවලිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව බි කාණ්ඩය යටතේ තරගවැදිමට නියමිතයි. ක්‍රිකට් ක්‍රිඩාව කරන ප්‍රධාන රටවල් 12ක් තරගාවලියට එක්ව සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ සෙනරත් සෙනෙවිරත්න මහතායි.