ජිනීවා හි සංචාරයක නිරතව සිටින විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලට් හමුවී තිබෙනවා.
ජගත් මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව රජය ඉවත්වීමේ තීරණය පිළිබඳුව අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කළ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කලේ.
යෝජනාවෙන් ඉවත්වුවද ශ්‍රී ලංකාවේ තිරසර සාමය සහ සංහිඳියාව උදෙසා ව්‍යවස්ථාවට අනුකූලව වගවීම් යාන්ත්රනයක් කි‍්‍රයාත්මක කිරීමටද ලක් රජය කැපවී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/dinesh-un.jpg”]