2019 යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි පිරිනැමීම අනිද්දා (02) සිට සිදුකෙරෙනවා.
ඒ අනුව අදාල බැංකු මගින් ගොවීන්ගේ ගිණුම් වලට මුදල් යොමු කිරීමයි සැලසුම. 6 වනදාට පෙර මුදල් නොලැබුණු ගොවීන් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි සිදුකළ හැකි වනවා. එම පැමිණිලි ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් යොමු කළ යුතු බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළේ.
ගොවීන් පනස් දෙදහසකට වන්දි පිරිනැමෙන අතර ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1300 ක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/wandi.jpg”]