හෙරොයින් කිලෝග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහි වටිනාකම රුපියල් කෝටි තුනකට අධිකයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
හෙරොයින් ප්‍රවාහනය කළ ත්‍රි රෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.