සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී සහ ආදිපාදවරිය වන මේගන් ට කැනඩාව ආරක්ෂාව සැපයීම ඉදිරියේදී නතර කරන බව එරට රජය තහවුරු කර තිබෙනවා.
මෙම යුවල මාර්තු 31 වනදා සිට රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත්වනු ඇති. ඔවුන් තවදුරටත් රැජිණ වෙනුවෙන් රාජකාරි ඉටු නොකරන නමුත් මාස 12 කට පසු එම කටයුතු සමාලෝචනය කරන බව සදහන්.
මෙම වසර මුලදී හැරී සහ මේගන් යුවළ ප්‍රකාශ කළේ තමන් රාජකීය ධුරවලින් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බවයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/Harry-and-Meghan.jpg”]