ස්වර්ණාභාරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රං ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරු බදු රහිතව රත්‍රං ආනයනය කිරීමට අවසරය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. අධිකාරියේ නිර්දේශ යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රං ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදිම ආරම්භ කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළා.
ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ පැවැති ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ ජාතික සමුළුව අමතමින්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/gold-1.jpg”]