fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සබදතා වර්ධනය කර ගැනීමට එකඟත්වය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 12:27

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සබදතා වර්ධනය කර ගැනීමට දෙරටම එකගත්වය පළකර තිබෙනවා.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය,  ආසියා සහ සාගර කලාපීය අංශයේ ප්‍රධානී තියරි මැතිව් මහතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරුණා. ඉන්දීය සාගර කලාපයේ භූගෝලීය හා දේශගුණික කරුණු පිළිබදව ද මෙහිදී සාකච්ඡාකර තිබෙනවා.

දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමේ ක්‍රියාකාරී සැලැස්මට දෙරටම අඛණ්ඩව කැපවන බවට ද මෙහිදී එකගත්වයක් ඇතිවුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්