කොළඹ කොටුව සහ මාතලේ අතර දුම්රිය සතියට දින පහක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ මාර්තු දෙවනදා සිට. දුම්රිය දැනට ධාවනය වන්නේ සදුුදා සහ සිකුරාදා දිනවල පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්ර්රකාශ කලේ.
නව කාළසටහන අනුව උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීමටයි නියමිත. යළිත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය කරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.