හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
විත්තිකරු නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝගය නිකුත් කළා. පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටියදී නීතිවිරෝධිව රුපියල් කෝටි 30 කට අධික මුදලක් අත්පත්කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.