fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැඳුම්කර සිද්ධියට පූර්ණ ලෙසම වගකිව යුත්තේ රනිල්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 17:21

මහබැංකු බැඳුම්කර සිද්ධියට පූර්ණ ලෙසම වගකිව යුත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව මාධ්‍ය මධ්‍යස්ථානය බත්තරමුල්ල නෙළුම් මාවතේ දී විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නව මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා ලක්ෂ්මන් යාපා අබේ වර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්