fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 18:02

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු සිව්දෙනාට එරෙහිව පවරා ඇති නඩුව අප්‍රේල් මස 3 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා.

සිද්ධියට අදාළ පළමු හා දෙවන සැකකරුවන් වන සරත් කුමාර හා අතුල සංජීව මදනායක යන අය අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ. ඔවුන් දෙදෙනා ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පවත්වනු ලබන නඩුවකට අදාළව මහර බන්ධනාගාරයේ සිටින බවට තොරතුරු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සදහන් කළේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව විමර්ශන කටයුතු බොහෝදුරට අවසන්කර ඇති බවයි. සුදු වෑන් රථ රියදුරන් වශයෙන් පෙනීසිටි සැකකරුවන්ගේ හඩ ගැලපෙන බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බවද දිලීප පීරිස් මහතා කියාසිටියා. සිද්ධියට අදාළ සම්පූර්ණ විමර්ශන කටයුතු ඉදිරි සති තුන ඇතුළත අවසන් කළ හැකි බවයි මෙහිදී සදහන් කෙරුණේ. නඩුවේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අධිකරණය හමුවේ පෙනීසිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්