ඉන්දියාවේ නවදිල්ලි අගනුවර හටගත් ගැටුම්වලින් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 34 දක්වා ඉහලගොස් තිබෙනවා.
පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇති වූ මෙම ගැටුම්වලට දින 04ක් ගත වී අවසන්. ගැටුම්වලට සම්බන්ධ වූ පුද්ගලයන් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 106 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සාමයෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රටවැසියන්ගෙන් ඉල්ලා සිටියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/dhilli.jpg”]