fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකය ප‍්‍රසිද්ධ ස්ථානවල රැස්විම් තහනම් කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:34

කොරෝනා වෛරසය හේතුවෙන් රටවල් රැසක දෛනික කටයුතු වලට බලපෑම් එල්ලවුණා. ඉරාකය ප‍්‍රසිද්ධ ස්ථානවල මහජන රැස්වීම් තහනම් කර තිබෙනවා.

චීනය , ජපානය , දකුණු කොරියාව , ඉතාලි , බහරේන් ඇතුළු කුවේට් ඇතුළු රටවල සංචාරයට ද සීමා පනවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ඉරානය ද සංචාරක සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. නගර කිහිපයකට ඇතුළුවීම තාවකාලිකව අවලංගු කිිරීමට ඉතාලිය පියවර ගත්තා. කොරෝනා වෛරසය ව්‍යප්තිය පාලනය සදහා අමතර අමුදල් සම්පාදනය කර ගත යුතු බවයි ඇමරිකාව පවසන්නේ.

බ‍්‍රසීලය , ලෙබනනය, අයර්ලන්තය සහ උතුරු මැසිඩෝනියාවෙන් ද ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. චීනයෙන් පිටත එය පැතිරිම පාලනය සදහා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කලේ.

ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජපානයෙන් ඉල්ලිමක් කළා. එය අවලංගු කිරිම වඩාත් සුදුසු බවයි ඔවුන් පවසන්නේ. රෝගය සදහා ප‍්‍රතිකාර සෙවිමට බි‍්‍රතාන්‍යය , ඇමරිකාව සහ චීනය ඇතුලු රටවල් ද පර්යේෂණ ආරම්භ කළා.

කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීම සදහා ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවයි යුරෝපා සංගමය පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්