fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති හා එක්සත් ජාතින්ගේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:26

දිළිදු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිම සදහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා.

ඒ එක්සත් ජාතින්ගේ නියෝජිත පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි. දිළිදු පවුල්වල සාමාජිකයන්ට රැකියා ලක්ෂයක් ලබාදිම සහ සහනාධාර ලබාදිම ද ඊට අයත්. පැල්පත්වාසීන් නව නිවාසවල පදිංචි කිරිමට ද රජය මූලිකත්වය ලබාදි තිබෙනවා. කෘෂිකර්මාන්තය සහ ඒ ආශි‍්‍රත රැකියා ක්ෂේත‍්‍රය දියුණු කිරිම මූලික අරමුණක්. එමගින් දරුවන්ට මනා පෝෂණයක් ලබා ගැනිමේ අවස්ථාව හිමිවන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

ළමා මන්දපෝෂණය පිටුදැකිම සදහා ඉහලම ප‍්‍රමුඛත්වයක් ලබා දි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරිම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිය පළකරන බවයි නියෝජිත පිරිස සඳහන් කළේ. ලෝක ළමා අරමුදල , ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ඇතුළු ආයතන කිහිපයකම නියෝජිතයන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්