fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන්ට එරෙහි එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:07

කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමට එරෙහි එක්දින කි‍්‍රකට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවන තරඟයෙන් ලකුණු 161ක ජයක් හිමිකර ගැනීමත් සමඟ. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 කට ලකුණු 345 ක් රැස්කළා. අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 127යි. කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදි ෂෙල්ඩන් කොට්රල් කඩුලු 04ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ කොදෙව් කන්ඩායමට පන්දුවාර 39 යි පන්දුවකදි සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 184ක් පමණයි.

ෂායි හෝප් ලකුණු 51ක් රැස්කළා. පන්දු යැවීමේදි වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 03 බැගින් බිඳහෙලුවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්