fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවර නගරාන්තරව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 08:43

මෙරට ප්‍රථම විදුලි දුම්රිය  මාර්ගය මහනුවර නගරාන්තරව ඉදිකෙරෙනවා.මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදයට විසදුම් ලබාදීම අරමුණයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ  සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන පළමු විදුලි දුම්රිය මාර්ගය මෙයයි. රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත් , කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනයට පහසුකම් සැළසෙනවා. එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොල දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වා දීර්ඝකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්