කොළඹ මැතිවරණ කොට්ඨාසයට හිමිවන මුළු සභික සංඛ්‍යාව 19 ක්.
ගම්පහට 18 ක්, කලුතරට 10 ක් මහනුවරට 12 ක් මාතලේට 5 ක් සහ නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයට 8 ක් ද වශයෙන් මුළු සභික සංඛ්‍යාවක් හිමිවනවා. ගාල්ල මැතිවරණ කොට්ඨාසයට හිමි මුළු සභික සංඛ්‍යාව 9 ක්. මාතර, හම්බන්තොට හා යාපනය මැතිවරණ කොට්ඨාසවලට 7 බැගින් මුළු සභික සංඛ්‍යාවක් හිමියි. වන්නි මැතිවරණ කොට්ඨාසයට 6 ක් මඩකලපුවට 5 ක්, දිගාමඩුල්ලට 7 ක්, ත්‍රිකුණාමලයට 4 ක් , කුරුණෑගලට 15 ක්, පුත්තලමට 8 ක්, අනුරාධපුරයට 9 ක් සහ පොළොන්නරුවට 5 ක් ද ලෙස සභික ධුර හිමිවනවා.
එමෙන්ම බදුල්ල මැතිවරණ කොට්ඨාසයට හිමිවන මුළු සභික සංඛ්‍යාව 9 ක් ද මොනරාගලට 6ක් ද වනවා. රත්නපුර මැතිවරණ කොට්ඨාසයට හිමිවන මුළු සභික සංඛ්‍යාව 11 වන අතර කෑගල්ල මැතිවරණ කොට්ඨාසයට හිමි සභික සංඛ්‍යාව 9 ක්. ඒ අනුව මැතිවරණ කොට්ඨාසයන්ට හිමිවන මුළු සභික සංඛ්‍යාව 196 ක් වනවා. ජාතික ලැයිස්තුවෙන් සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනෙනවා.
2019 ප්‍රතිශෝධනය අනුව වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයේයි. එම සංඛ්‍යාව දාහත්ලක්ෂ අසූපන්දහස් නවසිය හැට හතරක්. අඩුම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වන්නි මැතිවරණ කොට්ඨාසයෙනුයි. ඒ දෙලක්ෂ අසූහත්දහස් විසි හතරක් ලෙසයි. මේ අතර පසුගිය මැතිවරණයට සාපේක්ෂව ගාල්ල, මාතර, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්වල ආසන සංඛ්‍යා වෙනස් වී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/w9meyXpsW5c”]