fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං හි වැඩිහිටි ස්ථිර පුරවැසියන්ට ඩොලර් 1200 ක මුදල් ත්‍යාගයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2020 15:18

ජීවන තත්ත්වය නගා සිටුවීමට හොංකොං හි වැඩිහිටි ස්ථිර පුරවැසියන්ට ඇමෙරිකා ඩොලර් 1200 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ජීවන තත්ත්වය නගා සිටුවීමට සහ ආර්ථික අසමතුලිතතාව නැති කිරීමට මෙම මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. වාර්ෂික අයවැය යෝජනාවෙන් ඇමෙරිකා ඩොලර් දසදහසක් මේ සඳහා වෙන් කර තිබෙනවා. වයස් අවුරුදු 18 ට වැඩි මිලියන 7 ක ජනතාවට මෙම මුදල ලබා දෙනු ඇති. පැවති උද්ඝෝෂණ සහ වැඩවර්ජන හේතුවෙන්  ජනතාවගේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි හොංකොං රජය පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2020 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්