මන්ත්‍රීවරු අනූවෙන් ආණ්ඩුව හදන හැටි එක්සත් ජාතික පක්ෂය වහාම රටට හෙලිකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණයේ දී මන්ත්‍රීවරුන් 90 ක් පත්වුවහොත් රජය පිහිටුවන බවයි.
සමගි ජන බලවේගය ලකුණ පිළිබද අවසන් තීරණයකට තවමත් එළඹ නැහැ. හංසයා ලකුණ හිමි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ විධායක සභාවේ රැස්වීමක් ලබන ඉරිදා කැදවා තිබෙන්නේ නව පෙරමුණට හංසයා ලබාදෙන්නේද යන්න තීරණය කිරීම සදහායි. එම පෙරමුණ 60 දෙනෙකුගෙන් යුතු විධායක සභාවකින් සමන්විතයි. එජාපයේම තවත් පිරිසක් පවසන්නේ මේ මොහොතේ කළ යුත්තේ අලියා ලකුණෙන් තරග කිරීම බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය පිළිබද අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/N24kV2sbsSM”]