සංචාරක බටහිරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී පැවැත්විමට නියමිතයි.
තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය විදුලි ආලෝකය මාධ්‍යයේ ඊයේ දිනයේදී සිය පුහුණුවීම් කටයුතු සිදු කළා. දෙරට අතර පැවති පළමු එක්දින තරගය එක් කඩුල්ලකින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තණතිල්ල පරික්ෂා කිරීමෙන් අනතුරුව හෙට තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කිරිමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/sports-1.jpg”]